27 April 2024
#සංවර්ධන

මාතලේ ගොඩිගමුව ජලාශය සංවර්ධනයට පියවර

මාතලේ නාඋල ගොඩිගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීම සමග අලුතෙන් අක්කර සියයක් අස්වැද්දීමට හැකි බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ පැවැති ගොඩිගමුව ප්‍රතිසංස්කරණය කිරීමේ සාකච්ඡාවට එක්වෙමින්.

මෙම මස (ජුනි) 28 වන දා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” 1976 සිට 1980 දක්වා කාලය තුල ඉදි කරලා තියෙන මේ ගොඩිගමුව වැව ගම්වාසීන් කියන විදිහට වන අලින් විසින් වැව් බැම්මට කරන ලද හානියත් එක්ක දැනට අවුරුදු දහයකට වැඩි කාලයක සිට ජලය කාන්දු වෙමින් පවතිනවා. ප්‍රදේශවාසීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය මහත්මිය ගේ ඉල්ලීම පරිදි තමයි අපි මෙම වැව ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගන්න තීරණය කළේ. එදා ඉදල ගොවීන් 33ක් වි වගාවේ නිරත වෙලා ඉන්නවා දැන් මේ නව අක්කර 100 ක ප්‍රමාණය අස්වැද්දීම සමග ගොවීන් 165 කට එයින් සිට සැලසෙනවා. මේ අලුතින් ඉදිකරන අක්කර 100 අපි ලූනු වගා කිරීම සඳහා ගොවීන් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජල කාන්දුවක් සමග සීමාවෙලා තිබුණ වැවේ ධාරිතාව අක්කර අඩි විස්සේ සිට දෙසීය දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ලැබෙනවා. පහල අමුණ නැත්තං ගමේ අමුණ හරස් කරලා මේ සඳහා ජලය ගේන්නත් අපි වැඩපිළිවෙළක් සකසනවා ලූනු වගා කරන මේ ගොවීන්ගේ අස්වැන්න මිලදී ගන්න අපි ක්‍රමවේදයක් ඉදිරියේදී සකසනවා යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර ඒ මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් මෝහන් රාජා, මාතලේ වාරිමාර්ග ඉංජිනේරු ප්‍රියංකා කොස්වත්ත මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *