වර්තමානයේ රටතුළ උද්ගතව ඇති තත්වය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ගෙන ඒමට පියවර ගත්තද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගහැරිය නොහැකි බව ඊ.පී.ඩී.පී නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි වරුන්ගේ සාකච්ඡාවක් ඊයේ දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අතර එහිදි මන්ත්‍රිවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට සිදුකළ අදහස් පල කීරීමේදිය.
වර්තමානය වන විට විධායක බලතල අහෝසි කිරීම පිළිබදව සාකච්ඡා පැවැත්වෙන අතර දමිළ ජනතාවට වගකියන නායකයන් ලෙස කටයුතු කළ අමීර්ත ලිංගම් හා සෞම්‍ය මූර්ති තොණ්ඩමන් හා මුස්ලිම් ජනතාවගේ නායකයා ලෙස කටයුතු කළ ඒ.එච්.එම්.අෂ්රොෆ් වැනි අය සුළුතර ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමේදි විධායක බලය අවශ්‍ය බවට අදහස් ඵලකර ඇති බව පෙන්වා දුන්නේය.
නමුත් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සුළු ජනතාවගේ පක්ෂ ලෙස පෙනි සිටින පක්ෂ නායකයින් විධායක බල තල අහෝසි කළ යුතු බව පැවසීම පුදුම සහගත බවද, එවැනි පසුබිමක් තුළ ඊ.පී.ඩී.පි මතය වන්නේ දේශීය යාන්ත්‍රණයේ වෙනසක් ඇති කළ හොත් දැනට 13වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු සියල්ලම ඇතලත් කළ යුතු බවයි.
ඒ තුලින් දමිළ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.