27 April 2024
#දේශීය

ගම්පොල අධ්‍යාපන කලාපයට නව අධ්‍යක්ෂකවරයෙක්

ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වශයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීයෙකු වන නිහාල් අලහකොන් මහතා පත් කර ඇත.

ඒ අනුව නව අධ්‍යක්ෂකවරයා වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (21) සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, දැනුමෙන් කුසලතා වලින් පමණක් නොව යහපත් ආකල්පයන්ගෙන් පොහොසත් වු රටට දැයට හිතැති දරු පරපුරක් නිරමාණය කිරීම වැදගත් බවයි.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ජී.එම්.එම්.ඒ.ප්‍රේමසිංහ මහතා , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්වරුන් ද එක් ව සිටියේය.

 

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *