27 April 2024
#දේශීය

19 සංශෝධනය නෙමෙයි ප්‍රමුඛම කාර්ය රට ගොඩනැඟීමයි – තිස්ස අත්තනායක

‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසන්නේ කඩිනමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමුඛම කාර්ය බවට පත් නොකර වැටී තිබෙන රට ගොඩනැඟීමට වහා පියවර ගත යුතු බවයි.

ඔහු තව දුරටත් සඳහන් කර සිටියේ කොවිඩ් 19 වසංගතයෙන් පසු රටත් රටේ ආර්ථිකයත් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මොහොතක රටත් රටේ ජනතාවත් ඉන් ගොඩ ගැනීමට ආණ්ඩුව වහ වහා පියවර ගත යුතුව තිබියදී පළමු කැබිනට් රැස්වීමේදීම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනයට ලක්කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ප්‍රශ්නයක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කිරීමට අවශ්‍ය නම් එය කිරීමේ කිසිදු වරදක් නොමැති බව ද නමුත් මෙලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ලක්කිරීමට උත්සාහ ගන්නේ කිසිවකුගේ ද්විත්ව පුරවැසිභාවය නොසලකා ඔහු පාර්ලිමේන්තුවට ගැනීමේ අරමුණක් තිබෙන නිසා බවද තිස්ස අත්තනායක සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *