27 April 2024
#දේශීය

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරු පත්කෙරේ

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති අතර එම පත් කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ඊයේ (24) නිකුත් කර තිබේ.

ඒ අනුව මුදල්, ප්‍රාග්ධන වෙළෙදපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය සදහා ආර්.එම්.රත්නයක මහතා පත්කර ඇති අතර ,

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.බි.හපුහින්න මහතා පත්කර තිබේ.

එමෙන්ම ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්.ටි.කොඩිකාර මහතා පත්කර ඇති අතර,

ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රංජිත් අබේසිරිවර්ධන මහතා පත්කර ඇති බව සඳහන්ය.

ඩි.පි.ජි.කුමාරසිරි මහතා වතු නිවාස හා ප්‍රජායටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත්,

 ජි.සි.කරුණාරත්න මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ලෙසත් පත්කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *