• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

1990 සුවසැරිය ඇප් එක දාගෙන ජිවිතයක් බේරාගන්න දායක වෙන්න

9 May 2019
in දේශීය

1990 සුවසැරිය නවතම ඇප් සේවාව සමග එක්වී ඔබත් ජීවිත බේරාගැනීමේ මෙහෙයුමේ වටිනා කොටස්කරුවෙකු වන ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ශ්‍රී ලාංකේය ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට මේ වනවිට පත්වී තිබෙන 1990 සුවසැරිය ගිලන් රථ සේවාවට අද දිනය සුවිශේෂී එකක් වන අතර එහි නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System –EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් සේවාව ඊයේ (08) දිනයේදී හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව 2016 ජූලි මාසයේදී මෙරට ආරම්භ කළේය. මේ වනවිට, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව පළාත් 08 ක ක්‍රියාත්මක වන අතර ගිලන් රථ 258 ක් මෙම පළාත්වල ජනතාව වෙනුවෙන් සේවයේ යොදවා තිබේ. ඉදිරියේදී නැගෙනහිර පළාතේ මෙම සේවාව ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එවිට මෙම සේවාවේ ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනු ඇත. දින 365 පුරාම දිවා රෑ කිසිදු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ ලබාදෙන මෙම සේවාව මෙලෙස සමස්ත ශ්‍රී ලංකාවේම ව්‍යාප්ත කළවිට එහි ගිලන් රථ ප්‍රමාණය 300 ක් දක්වා ඉහළ යාමට නියමිතය.

1990 සුවසැරිය ඇප් සේවාව ඇන්ඩ්‍රොයිඩ් සහ IOS මෙහෙයුම් පද්ධති දෙක සඳහාම යෝග්‍ය වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන අතර ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබෙන තැනැත්තෙකුට එක් බොත්තමක් එබීම මගින් පහසුවෙන් සහ වේගවත්ව මෙම සේවාව සමග සම්බන්ධවීමේ අවස්ථාව මෙම ඇප් සේවාව මගින් ලබාදෙයි. මෙම ජංගම දුරකතන ඇප් සේවාව මගින් දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා සිටින ස්ථානය වඩාත් නිවැරදිව සොයාගන්නා නිසා අදාළ ස්ථානයට ගිලන් රථය ඉතාමත් ඉක්මනින්ම පිටත් කර යැවීමේ හැකියාව මෙමගින් ලැබේ. මේ ආකාරයෙන් සේවා පුළුල් කිරීම මගින් 1990 සුවසැරිය අපේක්ෂා කරන්නේ මෙම නොමිල සේවාව වඩා විශ්වසනීය භාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමටයි.

මෙම නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System –EDM) සහ 1990 ජංගම දුරකතන ඇප් සේවාව හඳුන්වාදීම තුළින් දැනටත් වඩා වේගවත්ව රෝගීන් වෙත ගමන් කිරීමේ පහසුව ලැබෙන අතර මෙමගින් හෘද රෝගීන්ට වැඩි ප්‍රයෝජනයක් ලැබෙනු ඇත. සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන තිබෙන්නේ රෝගීන් වෙත පැමිණීමේ වේගය මිනිත්තුවකින් වැඩිකර ගැනීම මගින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම 10% කින් පමණ වැඩිකර ගත හැකි බවයි. මේ වනවිට, 1990 සුවසැරිය ගිලන් රථ සේවය බස්නාහිර පළාතේ රෝගියෙකු වෙත පැමිණීමට මිනිත්තු 08 කුත් තත්පර 23 ක සාමාන්‍ය කාලයක් ගන්නා අතර අනිකුත් පළාත්වල රෝගියෙකු වෙත පැමිණීමට මිනිත්තු 11 කුත් තත්ත්පර 25 ක සාමාන්‍ය කාලයක් වැය කරයි. මෙම කාලය, බොහෝ දියුණු රටවල මෙවැනි සේවාවන් ලබාගන්නා කාලයට සමාන හෝ ඒවාටත් වඩා හොඳ මට්ටමක පැවතීම කැපී පෙනේ.

“මෙම නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System –EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් සේවාව හඳුන්වාදීම මගින් පෙන්නුම් කරන්නේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම තවදුරටත් සංවර්ධනය කිරීමට අප තුළ තිබෙන කැපවීමයි.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඔහු මෙහිදී ස්මාර්ට් ජංගම දුරකතන පරිහරණය කරන ජනතාවගෙන් ඉල්ලා සිටියේ 1990 ඇප් පහසුකම ඩවුන්ලෝඩ් කරගනිමින් මෙම ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම සමග එක්වන ලෙසයි.

“මෙම සේවාව ආරම්භ කළේ ඉන්දීය රජය විසින් ලංකාවට ලබාදුන් යළි නොගෙවිය යුතු ප්‍රදානයක් භාවිතා කරලයි. මෙරට ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා ඉන්දීය ජනතාව විසින් සිදුකළ මෙම කාරුණික පරිත්‍යාගය සඳහා අපි ස්තූතිවන්ත විය යුතුයි.“ යනුවෙන් මෙම සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මෙම සේවාව ශ්‍රී ලංකාව පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.5 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබාදුන් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ කරමින් මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පැවරීමෙන් පසුව මෙම සේවාව මේ වනවිට මෙරට රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ. සම්පූර්ණයෙන්ම රජයට අයත් සුවසැරිය පදනම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශය යටතේ මේ වනවිට ක්‍රියාත්මක වේ. සුවසැරිය පදනම සඳහා සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන අතර මේ වනවිට මෙරට තරුණ දරුවන් 1,428 ක් සුවසැරිය පදනම යටතේ රැකියා අවස්ථා හිමිකරගෙන තිබේ.

“මෙම නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීමත් සමග ලෝකයේ එවැනි පද්ධති භාවිතා කරන මෙවැනි සේවාවන්ට නොදෙවෙනි තත්ත්වයට සුවසැරිය සේවාව පත්වෙනවා. මෙම පහසුකම ගොඩනැගීමට යන සැබෑ පිරිවැයට වඩා අඩු මුදලක් අයකරමින් මෙරට මෘදුකාංග සමාගම් විසින් මෙම තාක්ෂණය සංවර්ධනය කළා. මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.“ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති, දුමින්ද්‍ර රත්නායක මහතා පැවසීය.

“2019 මැයි 03 වනදා වනවිට අපි විසින් දුරකතන ඇමතුම් 1,057,571 ක් සඳහා පිළිතුරු ලබාදී තිබෙනවා. මෙම දුරකතන ඇමතුම් වලට අදාළව හදිසි අවස්ථාවන් සඳහා ගිලන් රථ 199,997 ක් පිටත් කර යවා තිබෙන අතර රෝහල් ගතකිරීම් 174,555 ක් සිදුකර තිබෙනවා.“ යනුවෙන් මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින් 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ප්‍රධාන විධායක නිළධාරී, සොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

රෝගීන් වෙත පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා තම කාර්ය මණ්ඩලයට ඉතාමත් ඉහළ පුහුණුවක් ලබාදී ඇතැයි අවධාරණය කළ සොහාන් ද සිල්වා මහතා පැවසුවේ හදිසි ප්‍රතිකාරවේදියෙකු (EMT) රෝගියෙකු වෙත පැමිණි පසු අදාළ රෝගියා රෝහලක් වෙත රැගෙන යනතුරු පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස්ද ලබාගන්නා බවයි. කොළඹ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේ පැය 24 පුරාම වෛද්‍යවරයෙකු සිටින අතර අදාළ වෛද්‍යවරයා නිරතුරුවම මෙම හදිසි ප්‍රතිකාරවේදීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරන බව සොහාන් ද සිල්වා මහතා මෙහිදී පැවසීය. මෙහිදී, රෝගියාගේ තත්ත්වය අනුව කුමන රෝහලට රෝගියා ඇතුළත් කරනවාද යන්න තීරණය කරන්නේද ප්‍රධාන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයාගේ තීරණය අනුව බව හෙතෙම සඳහන් කළේය. රෝගියාගේ පවුගේ සාමාජිකයෙකු විසින් අදාළ රෝගියා පුද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරන්නැයි ඉල්ලා සිටින විට එම පුද්ගලික රෝහල අදාළ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙ නම් එම ඉල්ලීම 1990 සුවසැරිය මගින් ඉටුකරන බවත් ඒ සඳහාත් ප්‍රධාන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්නා බවත් සොහාන් ද සිල්වා මහතා කීය.

කොළඹ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානය තුළ සේවය කරන්නේ Sri Lanka Society of Critical Care and Emergency Medicine හි, වෛද්‍යවරුන් වේ. ශ්‍රී ලංකාව පුරාම විහිදී තිබෙන පොලිස් ස්ථාන මෙම සේවාව සමග සෘජුවම සම්බන්ධ වී තිබේ.

 

Post Views: 43
Previous Post

වැල්ලම්පිටියේ පොලිස් නිලධාරින්ගේ වැරද්දක් නම් දැඩි පියවර – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Next Post

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා මහජනයාට ප්‍රදර්ශනයට

editor

editor

Next Post

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා මහජනයාට ප්‍රදර්ශනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved