27 April 2024
#දේශීය

වැල්ලම්පිටියේ පොලිස් නිලධාරින්ගේ වැරද්දක් නම් දැඩි පියවර – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාප් අහමඩ් යන අයට අයිති තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 09 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ඇපදීමට සිදුවීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් ඇතැයි වාර්තා වුන අතර ඒ පිළිබද පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද (08) ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාළ නිලධාරීන්ගේ දෝෂයක් වේනම් ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ‘සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාප් අහමඩ් යන අයට අයිති තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 09 දෙනා පසුගිය අප්‍රේල් 22 අත්අඩංගුවට ගෙන මැයි 06 දක්වා බන්ධනාගාර ගත කොට අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති බවත් ඇපදීමට සිදුවීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් ඇතැයි වාර්තා වුන අතර ඒ පිළිබද පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහිදී එම නිලධාරීන්ගේ දෝෂයක් වේනම් ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ත්‍රස්ත්‍රවාදී කටයුතුවලට අදාළව සැකපිට හොරොව්පතාන පදිංචි අබ්දුල් මජීඩ් යන අය අත්අඩංගුවට ගෙන දින 03ක් ප්‍රශ්න කර මැයි 14 දක්වා බන්ධනාගාර ගත කර තිබේ. ඔහුගේ ඥාතියෙක් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගෙන් ඉල්ලා ඇත්තේ පෙර කී පුද්ගලයාට ඇප ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබාදෙන බවත් ය එහිදී පොලිස් ස්ථානාධිපති වහාම තම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් හා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව දැනුම්වත් කර අද හොරොව්පතාන පොලීසියේදී එම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 2 ½ ක් ස්ථානාධිපතිවරයාට දෙන විට‍ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත්තේ හොරොව්පතාන මුක්කර වැව මොහොමඩ් ෂිපාන් නැමැති අයයි.

කොච්චිකඩේ හා මීගමුව ප්‍රදේශයේ ගැටුම් ඇතිකර ගත් පුද්ගලයින් විසින් හා එම ප්‍රදේශයේ ආගමික නායකයින් හා එක්ව ඔවුන්ගේ පැමිණිලි ඉවත් කරගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඉදිරියේ සමතයකට පත්කර ගෙන ඇත.

බුත්තල පැලවත්ත සීනි සමාගමේ සේවකයින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා සැක සහිත බව පවසමින් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ පිළිබද විමර්ශනය කළ ආරක්ෂක අංශවලට ගමන් කථන 05ක්, ඇමති ආරක්ෂක කිහිපයක්, ආලෝක සංඥා මුගුරු 03ක් පොලිස් රථවාහන නිලධාරීන් භාවිතා කරන අත් වැසුම් 07ක් සොයා ගත්තා. එම මෙහෙයුම් නිලධාරියා ඔහුගේ රියදුරු සහ තවත් සේවකයෙක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *