27 April 2024
#විදෙස්

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා මහජනයාට ප්‍රදර්ශනයට

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් පිරිමි දරුවෙකු ප්‍රසූත කරයි. මව හා දරුවා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රජ පවුල නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ දින (08) හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා අද (08) මහජනයාට ප්‍රදර්ශනය සඳහා යොමු කළේය.

සුදුපැහැ සළුවක් පොරවා තිබූ බිළිඳා පෙන්වමින් මේඝන් මෙසේ පැවසුවාය. ‘‘ඔහුට ප්‍රිය උපදවන චිත්තස්වභාවයක් හිමිවී තිබෙනවා. ඔහු සත්‍යවශයෙන්ම තැන්පත්, ඔහු අපේ සිහිනයයි.”

කුඩා කුමරු එරට වේලාවෙන් පසුගිය 06 වනදා පෙරවරු 5.27ට උපත ලබා තිබේ. කුමරුගේ උපත් බර කිලෝග්‍රෑම් 3.26ක් ලෙස බකිංම්හැම් මාලිගය නිවේදනය කර තිබේ.

උපත ලද කුඩා කුමරුවන් බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන සත්වැන්නා වේ. චාල්ස් කුමරු, විලියම් කුමරු සහ ඔහුගේ දරු තිදෙනාවන ජෝර්ජ් හා ලුවී කුමාරවරුන්ට, චාලට් කුමරියට හා හැරී කුමරුට පසුව අලුත උපන් කුමරා ඔටුන්නට හිමිකම් කියනු ඇත.

Uk Baby TTVnews

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *