27 April 2024
#දේශීය

එජාපයේ 20 ක් මහින්දට සහාය දෙනවා – මන්ත්‍රි ආනන්ද කියයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගේ සහාය හිමිවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද (27) පදනමේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ රට දියුණු කිරිමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ රට දියුණු කළ හැකි තමා දැක ඇති බවත් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට තම සහාය දක්වන බවයි. එසේම පාර්ලිමේන්තුව කැඳ වු පසු මහින්දට සහාය දක්වන එජාපයේ පිරිස් එක්වන බව ද ඔහු අනාවරණ කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *