27 April 2024
#දේශීය

රාජ්‍ය නිලධාරින්ගේ බය නැති කරන්න ඕන – අගමැති ලේකම්

රාජ්‍ය නිලධාරින් පසුගිය කාලයේදී බය විමෙන් තම රාජකාරි කටයුතු සිදු කළ බවත් ඇතැම් අයගේ අත් පවා වෙව්ලපු අවස්ථා තිබු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ නව අගමැති ලේකම් එස්.අමරසේකර මහතා පවසයි.

අද (27) අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ පසුගිය කාල සිමාව තුළදී රාජ්‍ය නිලධාරින් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමක් සිදු වු බවයි. එසේම රාජ්‍ය නිලධාරින් කියන්නේ ඕනෑම ආණ්ඩුවක් යටතේ රටේ සංවර්ධන කටයුතු සිදු කරන පිරිසක් නමුත් පසුගිය කාලසිමාව තුළදි රාජ්‍ය නිලදාරින් බියෙන් සිටි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේක මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *