27 April 2024
#සංවර්ධන

2020 නොව 2050 ගැන කතා කරමු – රාජ්‍ය අමාත්‍ය පාලිත කියයි

2020 ජනාධිපතිවරයා කවුරුන්දැයි යන්න පිළිබඳ කථිකාව වෙනුවට 2050 දී රටක් වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද යන්න පිළිබඳ අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දේශගුණික බලපෑම්වලින් වැඩිම පීඩාවක් විදීමට සිදුවන රටක් ලෙස ශී‍්‍ර ලංකාව හදුනාගෙන ඇති බවයි. ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම කාරණයක් නැවතත් සිහිපත් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින අධික වැසි හමුවේ හමාගිය දැඩි සුළං තත්ත්වයකින් ආණමඩුව, මදවක්කුලම, ආඩිගම, බුද්ධිගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හානි සිදුව තිබේ. ප‍්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබූ අතර, නිවාස ගණනාවකටද සුළගින් හානි සිදුව තිබේ. පසුගිය 01 දා සිදු වූ මෙම ආපදාවන්ට අදාල අධාර අදාල ජනතාව වෙත පසුදාම ලබාදීමට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ විසදුම් සෙවිය යුතු කාරණා පසෙකට විසිකර, පුද්ගලික බැබලීම වෙනුවෙන් නිර්මාණය වන කරුණු කාරණා පමණක් සමාජගතවන තත්ත්වයක් නිරීක්‍ෂනය වන බවයි. එම තත්ත්වය වහාම වෙනස් කල යුතු බවත්, අනාගත අභියෝග සඳහා මුහුණ දීමට සූදානම් වීම සියළු දෙනාගේ වගකීම බවද ඔහු සිහිපත් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *