27 April 2024
#සංවර්ධන

මෙවර මහ කන්නයේ වව්නියාවේ අක්කර 16,000ක් උඳු වගාවට හා අක්කර 550ක් පාරම්පරික වී වගාවට

2018 මහ කන්නයේ දී අක්කර 16,0000ක උඳු වගාව ආරම්භ කිරීමට හා අක්කර 550ක් පාරම්පරික වී වගා කිරීම සඳහාත් කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරිහට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව වව්නියාව හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල අක්කර 16,000ක් උඳු වගා කිරීම සඳහා වෙන් කර ඇති අතර වව්නියාව දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 550ක අපේ රටේ පැරණි එමෙන්ම පෝෂණයෙන් ඉහළ මට්ටමක ඇති වී වර්ග වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘසිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. එම කටයුතු ලබන සිකුරාදා (05) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ නගර සභා ශාලාවේ දී සිදු කෙරේ.

එමෙන්ම යාපනය ප්‍ර දේශය රටකජු , මිරිස් හා අඹ වගා කිරීමේ කළාප දෙකක් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇති අතර එම කටයුතු ගනේෂපුරම් ප්‍රදේශයෙන් ලබන 06 දින ආරම්භ කෙරේ.

දැනට අපේ රටේ රටකජු හා උඳු වගා කළ ද රටේ සමස්ත අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බැවින් දැනට ඉන්දියාවේ සිට රටකජු හා උඳු මෙරටට ආනයනය කරනු ලබයිග 2017 වසර තුළ මෙරටට රටකජු ආනයනය කිරීම සඳහා රජය විසින් වැය කර ඇති මුදල රු. මි. 689කි.

අපේ රටේ වගා කරන ලද පාරම්පරික වී වර්ග රැසක් තිබෙන අතර මේ වනවිට ඒවා අභාවයට යමින් පවතීග විශේෂයෙන් මුතු සම්බාල මානික්කම් සම්බාල කුරුළු තුඩල සුවඳැල්ල කළු හීනටිල මා වීල පච්චපෙරුමාල්ල රත්දැල්ල මඩතවාලුල හැට දා වී වැනි පෝෂණ ගුණයෙන් පොහොසත් වී වර්ග රැසක් ඒ අතර වේග මෙම වී වර්ගවලින් සකස් කරන ලද සහල් සඳහා මේ වනවිට වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවතීග එමනිසා වව්නියාවේ පුරන් කුඹුරු අක්කර 550ක එම සාම්ප්‍රධායික වී වර්ග මෙවර මහා කන්නයේ දී වගා කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *