27 April 2024
#දේශීය

කලකිරුණු අය මහින්දට සපෝට් නෑ … මේ ආණ්ඩුව 2020 තෙක් හෙල්ලෙන්නේ නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවට එක්ව සිටින මෛත්‍රි පාර්ශවයේ ඇමැතිවරුන් කිසිදු අවස්ථාවක නැවත මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගත වන්නට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට අසාධාරණකම් සිදු වු බවයි. එම ජ්‍යෙෂ්ඨයින්ගෙන් ප්‍රධානම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන වනු ඇත. තව ද එම ලැයිස්තුවේ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර වැනි අයද සිටින බවත් එම ආරංචි මාර්ග කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ආණ්ඩුව නියෝජනය කරමින් සිටින 23 දෙනා රාජපක්ෂ ආණ්ඩුව සමයේදී විවිධ කෙනෙහෙලිකම්වලට ලක්ව සිටි අය වේ. වත්මන් ආණ්ඩුවට පවා යම් යම් බලපෑම් රාජපක්ෂ පිරිස් එල්ල කළ ද ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ගොස් විපක්ෂයේ සිටියද මේ වන විට ඉතිරිව ඇති පිරිස් 2020 වන තෙක් ආණ්ඩුව පෙරළිමට කිසිදු අවස්ථාවකදී සහාය ලබා නොදෙන බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

මේ වන විට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී කෙනෙහෙළිකම්වලට මෙන්ම අසරණයට පත්ව සිටි අය වේ. ඔවුන් යෝජනා කර ඇත්තේ තමන්ට මේ වන විට ජනතාවට නිදහසේ සේවය කිරීමටත් තම අදහස ස්වාධිනය පල කිරීමට ලැබි ඇති අවස්ථාව කිසිදු ලෙසකින් අහිමි කර ගැනීමට සුදානම් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *