27 April 2024
#දේශීය

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

ශ‍්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබී ය.

මහේස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබී ය.

 

පෙර පුවත් 

 

ජනපතිගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවේ

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අද විශ්‍රාම යයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *