27 April 2024
#දේශීය

මාතෙල් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයින් 21 ක් අත්අඩංගුවට

මාතලේ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකිණීමේ සහ ‍බෙදාහැරිම්වල නිරත පුද්ගලයින් ඉලක්ක කරගෙන ඉකුත් දින දෙක තුළ සිදු කළ වැටලිම්වලදි පුද්ගලයින් 21ක් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය වෙත ලැබුණු තොරතුරු අනුව මෙම වැටලිස් සිදු කළ බවත් මත්කුඩු සහ ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය පාසල් සිසුන් සහ තරුණ කණ්ඩායම් වෙත බෙදැහිරිම්වල නිරත පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අය බවත් මෙම වැටිලිම් අඛන්ඩව සිදු කරන බවද පොලිසිය කියයි.

අත්අඩංගුට ගත් සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම වැටලිම් මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි දේශප්‍රිය රෝහණ වනිගසේකර මහතාගේ මෙහෙයවිම මත මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතා ඇතුලු නිලධාරින් විසින් සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *