නව රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
01. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
02. රෝහණ දිසානායක මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
03. අරුන්දික ප්‍රනාන්දු මහතා – වැවිලි රාජ්‍ය අමාත්‍ය
04. ලොහාන් රත්වත්තේ මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. තාරක බාලසූරිය මහතා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
06. ඉන්දික අනුරුද්ධ මහතා – නිවාස රාජ්‍ය අමාත්‍ය
07. සනත් නිශාන්ත මහතා – ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
08. සිරිපාල ගම්ලත් මහතා – මහවැලි රාජ්‍ය අමාත්‍ය
09. අනුරාධ ජයරත්න මහතා – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
10. සිසිර ජයකොඩි මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
11. ප්‍රසන්න රණවීර මහතා – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
12. ඩී.වී. චානක මහතා – සංචාරක රාජ්‍ය අමාත්‍ය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
13. ඩී.බී. හේරත් මහතා – පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
14. කාදර් කාදර් මස්තාන් මහතා – ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
15. අශෝක ප්‍රියන්ත මහතා – වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
16. ඒ. අරවින්ද් කුමාර් මහතා – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
17. ගීතා කුමාරසිංහ මහත්මිය – සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
18. ගුණපාල රත්නසේකර මහතා – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
19. කපිල නුවන් අතුකෝරල මහතා – සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
20. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
21. ආචාර්ය සුරේන් රාඝවන් මහතා – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
22. ඩයනා ගමගේ මහත්මිය – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
23. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
24. විජිත බේරුගොඩ මහතා – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුර හොබවති.