27 April 2024
#දේශීය

225 ගෙදර යා යුතු බවට මාතලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් සියලු දෙනාම සභා සම්මත කරයි

පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජනාවක් ඉකුත්දා පැවති මාතලේ ප්‍රාදේශිය සභා මාසික මහ රැස්විමේදි ඒකමතිකව සභා සම්මත විය.

මාතලේ ප්‍රාදේශිය සභා සභාපති (ශ්‍රි ලං.පො.පෙ) කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාසික සභා රැස්විම පැවැත්විණි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා විසින් ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂ‍ය නියෝජනය කරන විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා විසින් ස්ථිර කිරිම විශේෂත්වයකි.

යෝජනාව සභාව වෙත ගෙන එමින් කතා කළ සභාපතිවරයා කියා සිටියේ වත්මන් කාලයේදි ජනතාව විශාල ලෙස පිඩාවට පත්ව ඇති බවත් එයට නිසි විසිදුම් ලබා දිමට පාර්ලිමෙන්තුවේ සිටින පිරිස මේ වන විට වගකිම් විරහිතව වැඩ කරමින ්සිටින බවත් ඒ සදහා වෙනත් පිරිසක් පත් කිරිම සුදුසුයි.පාර්ලිමෙන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් පත් කරන්න අප තමයි ගම්වල ගිහින් ජනතාවට කටයුතු කරන්නේ.නමුත් අද වන විට ගමට යන්න බැරි තත්වයක් ඇතිවෙලා.අපේ යුතුකම මේ ප්‍රාදේශිය සභා සිමාවේ සිටින පිරිසට උදව් කිරිම බවත් මෙයට විරෝධය පළ කරමින් අපි නැගි සිටිය යුතු බවද‍ හෙතමෙ පැවසිය.

මෙම යෝජනාව ස්ථිර කරමින් කතා කළ විපක්ෂ නායක (එ.ජා.ප) ගාමිණි කොස්තා මහතා කියා සිටියේ ජනපිඩක ආණ්ඩුව විසින් මේ වන විට ගෙන යන අදුරදර්ශි වැඩපිළිවෙල නිසා ජනතාව දැඩි ලෙස පිඩාවට පත් වෙලා.පවතින ආණ්ඩුව ඇතුලු සියලු දෙනා ගෙදර යායුතුයි.රට ගෙන යා හැකි පුද්ගලයකුට රට බාර දිමට කටයුතු කළ යුතු බවත් ජනතාව ආණ්ඩුවට එහෙරිව නැගි සිටිය යුතු බවද හෙතෙම පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *