අද (14) පස්වරු 2.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට මෙරට ට පැමිණි අය බව ද වාර්තා වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2, 649 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඕමානයේ රැඳී සිටි ලාංකිකයින් 288 දෙනෙක් පසුගිය ජූනි මස 29 වන දින මෙරට ට පැමිණියේය.
මේ වන විට ආසාදිතයින් 650ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
අද දින පුද්ගලයින් 7 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ය 1988 ක් දක්වා ඉහළ ගියේය.