27 April 2024
#දේශීය

PCR පරීක්ෂණ වැඩි කිරීමට ජනාධිපති නියෝගයක්

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

අද (14) පැවති කොවිඩ් මර්දනය කිරීමේ කාර්‍ය සාධක බලකා හමුවේදී මේ උපදෙස් නිකුත්කර ඇත.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙසත් ජනාධිපති එහිදී  නිලධාරීන්ට දන්වා ඇත.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වීමේදී අවධානය යොමුව ඇත.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බවත් එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවූ බව ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *