27 April 2024
#දේශීය

යතුරුපැදි අනතුරින් අවුරුදු 3 ක දරුවෙකු මරුට

කැකිරාව, මාර්ගයේ ඊයේ (07) පස්වරු 6 ට පමණ යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු 03 ක පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

කැකිරාව, 79 කණුව අසලදී මාර්ගය අයිනේ නවතා තිබු කාර් රථයක් නැවත මාර්ගයට ගැනීමට යාමේදී කැකිරාව දෙසට ගමන් කල ත්‍රිරෝද රථයක් කාර් රථයේ ගැටී ඉදිරියට ඇඳි යාමේදී කැකිරාව දෙසට ගමන් කල ත්‍රිරෝද රථයක් කාර් රථයේ ගැටී ඉදිරියට ඇඳි යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමැණි යතුරුපැදියක මෙම ත්‍රිරෝද රථය ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදියේ ගමන් කල අඹු සැමි යුවලක් හා වයස අවුරුදු 03 ක පිරිමි දරුවෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී පිරිමි දරුවා මිය ගොස් ඇත.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කල රියදුරු හා පිටුපස ගමන් කල කාන්තාවන් තිදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *