27 April 2024
#සංවර්ධන

පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා

සුරැකුමට පරිසරය තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව පැළ සිටුවීම සදහා අප්‍රේල් මස 16 වෙනි දින පෙරවරු 6.40 ට යෙදී ඇති සුබ මොහොතින් රාගම බෝයිස් ටවුන් ප්‍රදේශයේ අක්කර 6 ක භූමියක පැළ සිටුවමින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව කිලෝ මීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ පැළ ලක්ෂයක්ද, මග නැගුම ආයතනය මගින් පැළ 50,000 ක්ද, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් පැළ 50,000 ක්ද, “ගම සමග පිළිසදරක් වැඩ සමග යළි ගමට” වැඩසටහන යටතේ ග්‍රාමසේවා වසම් 14,022 හි ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති 30,000 ක් යටතේ පැළ ලක්ෂ 03 ක් සිටුවීමට සැලසුම් කර තිබේ.

විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අවම මට්ටමක පවතින වන ඝනත්වය ඉහළ නැංවීමේ අරමුනින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ස්ථානවල වන රෝපනය සිදු කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ වන ඝනත්වය ඉහළ නැංවීමටද සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව ගෘහ ආර්ථිකයන් නැංවීම සදහා දිගු කාලීන ආර්ථික භෝග ලබා දීමටද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *