• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති උල්ලංඝණය කරමින් පොහොට්ටුවේ 30කට උසස්වීම් – පොස්පේට් සමාගමේ ජාතික සේවක සංගමය

5 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතියට සම්බන්ධ නිෂ්පාදන සහයක නිළධාරීන්ට 30 දෙනෙකු සඳහා උසස්වීම් ලබා දීම මගින් ආයතනයේ නිෂ්පාදන කටයුතු අඩාල වී ආයතනය වැසී යාමේ තර්ජනයකට ලක්වන බව ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ජාතික සේවක සංගමය පවසයි.

ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ජාතික සේවක සංගමය අද (06) එප්පාවලදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කර සිටියහ.

එහිදී අදහස් දැක්වූ ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ජාතික සේවක සංගමයේ සභාපති එච්.එම්.කේ ගුණතිලක මහතා,

ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ වත්මන් සභාපති සුජීව ඉන්ද්‍රජිත් කුමාරසිංහ මහතාගේ අවිධිමත් පරිපාලනය නිසා, ආයතනය වැසී යාමේ තත්වයකට පත්වෙලා තිබෙනවා. දේශපාලන කටයුතු සඳහා නිෂ්පාදන සහයක මහත්වරුන්ට දේශපාලන හේතූන් මත විවිධ තනතුරු ලබා දෙමින් අභ්‍යන්තර ස්ථාන මාරුවීම් ලබා දීම නිසා නිෂ්පාදන කටයුතු අඩාල වෙලා ආයතනය වැසී යාමේ තත්වයකට පත් වෙලා තියෙනවා. සම්මුඛ පරීක්ෂණ නොතියා මේ තනතුරු ලබා දෙන්නේ දේශපාලන හේතූන් මතයි.

2022-04-26 වැනිදා රජයේ චක්‍රලේඛණයක් අනුව රජයේ සේවයට බඳවා ගැනීම්, උසස් වීම් ලබා දීම හා සුභසාධන කටයුතු සිදු කරන්න එපා කියලා තමයි රජයෙන් දැනුම් දී තිබෙන්නේ මුදල් අමාත්‍යංශය මගින්, එම චක්‍රලේඛණ උල්ලංඝණය කරමින් සභාපතිවරයා උසස් වීම් 30 ක් පමණ නිකුත් කර තිබෙනවා. නව අගමැතිවරයකු හා විෂය භාර අමාත්‍යයවරයකු පත්වීමත් සමඟ අධ්‍යක්ෂ මණ්ඩලය පවා අහෝසි වෙලා තිබියදී, අමාත්‍යයවරයාගේ හෝ අනුමැතියකින් තොරව මෙම පත්වීම් ලබා දීම නීතී විරෝධියි.ඒ නිසා මේ තනතුරු සම්මුඛ පරීක්ෂණයකින් සුදුස්සන් ට ලබා දෙන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.මේ අයුරින් තනතුරු ලබා දී මේ ආයතනය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ,

ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම දායක වෙන්නේ දෛනික පදනම මත සේවයේ නියතු සේවක මහතුන් 37 දෙනෙක් පමණයි.ඒ සේවක මහතුන්ට සාධාරණයක් නොකර දේශපාලන හේතූන් මත උසස් වීම් ලබා දීමට අපි තරයේ විරුද්ධයි. අපි මේ සම්බන්ධයෙන් අගමැතිතුමන්ට, කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මැතිතුමන්ට මේ සම්බන්ධයෙන් සොයා බලා මෙම දේශපාලන හිතවත්කම් මත කරන උසස් වීම් නවතා දමන ලෙසත් ඉල්ලා සිටිනවා.

මේ සභාපතිවරයා මාස 05 කින් පමණ එප්පාවල වැඩ බිමට ඇවිල්ලා නෑ, අපි පොහොර අසුරණ බෑග් වල වංචාවක් ගිහින් තියෙනවා, එ වංචාවන් සම්බන්ධයෙන් අපි ලිඛිතව පැමිණිලි කරලා තිබෙනවා, ආයතනයේ වෙන වෙන වංචා සම්බන්ධයෙන් ලිඛිතව දීලා තියෙනවා, පරීක්ෂණ කරන්න කියලා නමුත් ලූලා ලිස්සලා යනවා වගේ වැඩ පිළිවෙලක් සිද්ධ වෙන්නේ,මේ සභාපතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා පත් කරපු සභාපතිවරයෙක්, නව කෘෂිකර්ම ඇමතිවරයා පත්වීමත් සමඟ සභාපතිවරයාට ආයතනය පවත්වාගෙන යාමේ බලයක් පමණයි සිදු කළ හැක්කේ, නමුත් පත්වීම් ලබා දීම්, ස්ථීර කිරීම් කරන්න බෑ, නමුත් මේ සභාපතිවරයා අපි වගකීමෙන් කියනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ, වෘත්තීය සමිතියේ සාමජිකයින් වන වාණිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ සාමාජිකයින් 30 දෙනෙකුට සභාපතිවරයාගේ අත්සනින් මේ උසස්වීම් ලබා දී තිබෙනවා.මෙම උසස්වීම්ලාභීන්ට වඩා සුදුසුකම් සැපිරූ, දැනට සේවය ආවරණය කරන නිළධාරීන් සිටියදීයි පොහොට්ටුවේ අයට මේ පත්වීම් දීලා තියෙන්නේ.

මෙම පත්වීම් සම්බන්ධයෙන් සාමාන්‍යාධීකාරිවරයා දැනුම්වත් නැති බවත් සාමාන්‍යාධීකාරීවරයා කියනවා.අපි මේ පත්වීම් අහෝසි කර නීත්‍යාණූකූලව මෙම උසස්වීම් සිදු කරන ලෙස අගමැතිතුමන්ට, කෘෂිකර්ම අමාත්‍යයතුමන් ඇතුළු බළධාරීන් නිළධාරීන් දැනුම්වත් කරලා තියෙනවා, මෙම පත්වීම් අහෝසි නොකළහොත් අපි ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයත් සමඟ එකතු වී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළැඹීමට අපි සූදානම් යැයි පැවසීය.

ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ජාතික සේවක සංගමයේ උප සභාපති ආර්.එම් ප්‍රේමසිර,

මේ වන විට ලංකා රාජ්‍යය පොස්පේට් සභාපතිවරයාගේ නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම නිසා ආයතනය දැඩි පසුබෑමකට ලක් වෙලා ආයතනය පවත්වාගෙන යාමට නොහැකි තත්වයට පත් වී තිබෙනවා.එවැනි තත්වයක තිබියදී සභාපතිවරයාගේ අභිමතය පරිදී, ආයතනයට අත්‍යවශ්‍යය නොවන අභ්‍යන්තර උසස් වීම් ලබා දීමක් සිදු වෙලා තියෙනවා.මෙය අපි තරයේ හෙළා දකිනවා.ආයතනයේ බඳවා ගැනීමේ හා උසස් වීම් කිරීමේ ක්‍රියාපටිපාටිය අමු අමුවේම උල්ලංඝණය කර තිබෙනවා.මේ පත්වීම් කොහෙන්ද ආවේ, කොහෙන්ද ගැහුවේ කියලාවත් දන්නේ නෑ, ආයතනයේ රජයේ උසස් නිළධාරීන් කිසිවෙකුත් දැනුම්වත් කර නෑ මේ සම්බන්ධයෙන්.තාවකාලික පදනම මත සේවකයන් නිසා තමයි ආයතනයේ නිෂ්පාදනය සිදු වෙන්නේ, නමුත් එ තාවකාලික සේවකයින් ස්ථිර කිරීමක් සිදු නොකර දේශපාලන හිතවතුන්ට උසස් වීම් ලබා දීම සිදු කර තිබෙනවා.කළයුතු දේ මනා ආකාරයෙන් සිදු කිරීමයි කළමණාකාරීත්වය කියන්නේ, අප ආයතනයේ කළයුතු දේ මනා ආකාරයෙන් සිදු නොකලහොත් අපේ ආයතනයත් වැසෙන දවස හෙට අනිද්දා වෙන්න පුලුවන්.එ නිසා මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ජාතික සේවක සංගමයේ ලේකම් අරවින්ද නුවන් අබේරත්න මහතා,

මෑතක ලහි ලහියේ නිෂ්පාදන සහයක මහතුන්ට උසස් වීම් ලබා දී තිබෙනවා, අපි නිෂ්පාදන ආයතනයක්, රටට අවශ්‍යය පොස්පේට් අපි ලබා දෙන්නේ, නිෂ්පාදන සහකයෝ 90 ක් පමණ මේ ආයතනයට අවශ්‍යයයි, ඇඹරුම් යන්ත්‍ර 03 ක් තියෙනවා, ඉන් ඇඹරුම් යන්ත්‍ර 02 කින් පමණයි වැඩ කරන්නේ, සේවකයෝ නොමැතිකම නිසා, සේවකයෝ 300 ක් පමණ ස්ථිර සේවකයෝ ඉන්නවා, සේවකයින් 37 දෙනෙක් කොන්ත්‍රාත් පදනම මත සිටිනවා, ඒ සේවකයෝ 37 දෙනා තමයි නිෂ්පාදනයට වැඩිම දායකත්වය සපයන්නේ.ඒ අයට රුපියල් 1000 ක් පමණ වැටුපක් ලබා දෙන්නේ, අද පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 යි, ඔවුන්ට දවසට පෙට්‍රල් ලීටරයක් වියදම් කරගෙන මේ වැඩට ආවම, ඉතුරු වෙන්නේ කීයද, මේ අහිංසක, අසරණ සේවකයෝ 37 ස්ථීර කරනවා වෙනුවට සභාපතිවරයා කරලා තියෙන්නේ දේශපාලන හිතවතුන් 30 දෙනෙක් උසස්වීම් කිරීමයි.
සභාපතිවරයා පසුගිය 26 වැනිදා ලහි ලහියේ අදාළ උසස්වීම් ලිපි නිකුත් කරලා තියෙනවා.සාමාන්‍යාධීකාරිවරයා මේ උසස්වීම් සම්බන්ධයෙන් දන්නේ නෑ, කිසිම විදායක නිළධාරියෙක් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වෙලා නෑ, ඒ නිසා කළමණාකාරීත්වය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා.මේ ආයතන ලංකාවට සල්ලි ගේන්න පුලුවන් ආයතනයක්, අද වන විට කළමණාකාරීත්වය පිරිහිලා තියෙනවා.ඒ නිසා ආයතනය තුළ මෙවැනි කටයුතු සිදු වෙනවා. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ඇමතිතුමා මේ ආයතනයට ඇවිත් තියෙනවා, දැන් එදාටත් වඩා පහළ තැනකට ආයතනය වැටිලා තියෙනවා.මේ ආයතනයෙන් රැකෙන්නේ මේ පවුල් 300 විතරක් නෙමෙයි, මේ එප්පාවල නගරය ඇතුළු අවට නගර රැකෙන්නේ මේ ආයතනය නිසා, මේ ආයතනය ඉස්සරහට නැති කරන්නයි මේ සභාපතිවරයා ඇතුළු කළමණාකාරීත්වය කටයුතු කරන්නේ.මේ පත්වීම් හරි විදිහට දෙන්න අභ්‍යන්තරයෙන් අයදුම්පත් කැඳවලා, සම්මුඛ පරීක්ෂණ සිදු කරලා සුදුස්සන්ට උසස්වීම් දෙන්න කටයුතු කරන්න යැයි පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් වීදී පුස්තකාලය විවෘත වේ

Next Post

මාතලේ පරිසර දිනය සැමරේ

editor

editor

Next Post

මාතලේ පරිසර දිනය සැමරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved