විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් යළිත් මෙරටට පැමිණීම සඳහා ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට මෙම ප්‍රමාණය 39,000 පමණ වේ.
මෙසේ නැවත පැමිණීමට ඉල්ලූම් කර ඇති පිරිස අතර සිසුන් 3000ක්, කෙටිකාලීන වීසා මත විදෙස් ගතවු 4000ක්, රැකියා සදහා පිටත්ව ගොස් සිටින 28,000ක් පමණ වන බවත් කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
අමාත්‍යාංශය හඳුන්වාදුන් “කන්ටැක්ට් ශ්‍රී ලංකා” වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් 78,000ක් පමණ මේ වන විට ලියාපදිංචි වී තිබේ.
ඉල්ලුම් කළ පිරිස් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛතා සැලකිල්ලට ගන්නා බව විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.