27 April 2024
#ව්‍යාපාර

ඉදිරියේදී සංචාරකයින් දිනකට 4000 ක් පැමිනෙනු ඇති බව සිතනවා – ක්‍රිෂු ගෝමස් (විඩියෝ )

සංචාරක කේෂ්ත්‍රය යළි සිටුවීමට මේ වන විට සියළු කටයුතු සැලසුම් කර ඇති අතර ඉදිරි කාලයේදී දිනකට සංචාරකයින් 4000 ක් අවම වශයෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ක්‍රිෂු ගෝමස් මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වු සිදුවීම තුළින් සංචාරක කේෂ්ත්‍රය කඩා වැටීමක් සිදු වු බවයි. එය යළි ගොඩ නගා ගැනීමට විශාල කාලයක් යනු ඇති බව සිතුව ද රටේ ආරක්ෂාව තහවුරු වීම තුළින් නැවත විදේශිය සංචාරකයින් පැමිණිම ඉතා හොඳ මට්ටමක පැවති බව ක්‍රිෂු ගෝමස් මහතා කියා සිටියේය.

ප්‍රශ්ණය – ක්‍රිෂු ගෝමස් මහතාට මෙම කටයුතු සිදු කිරීමේදී ඇති වන අභියෝග මොනවාද? ( විඩියෝ 02) https://www.youtube.com/watch?v=Ww6GS0-1Mb8

Kishu Video2 TTVnews

පිළිතුරු – රාජ්‍ය ආයතනයක් වීමම විශාල අභියෝගයක්. යම් කටයුත්තක් සිදු කිරිමේදී තීන්දු තීරණ ගැනීමේදී අනුමැතියක් අවශ්‍ය වනවා. ඒ සඳහා විශාල කාලයක් වැය වනවා. එම අභියෝගයන් තිබියදී පවා අපට හැකිව තිබෙනවා සාර්ථකව මේ කටයුතු සිදු කරන්න. ඉදිරියේදීදත් සියළු දෙනාගේ සහාය ඇතිව ඒ කටයුතු සිදු කරන්න අප සැලසුම් කර තිබෙනවා.

ඉදිරියේදී සංචාරකයින්ගේ පැමිණිමේ වර්ධනයක් සිදුවනු ඇති බවත් ඒ සඳහා මේ වන විට විදේශිය රටවල්වල ප්‍රවර්ධන කටයුතු දියත් කර ඇති බව ඔහු කියා සිටියේය.

 

සාකච්ඡා කළේ – දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *