27 April 2024
#ක්‍රීඩා

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2019 රගර් හා පිහිණුම් තරග ලබන 06වනදා

 විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රගර් හා පිහිණුම් තරග (කාන්තා/පිරිමි) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව රගර් තරග සමාරම්භක උළෙල 2019.07.06 වන දින පෙ.ව.9.00 ට කොළඹ 07, තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිත අතර එහි තිළිණ හා කුසලාන ප්‍රදානය 2019.07.07 වන දින ප.ව .4.00 ට පැවැත්විමට නියමිත බව ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

පිහිණුම් තරග සමාරම්භක උළෙල 2019.07.06.වන දින පෙ.ව.9.00 ට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිණුම් තටාංගනයේදී පැවැත්වේ. එහි තිළිණ හා කුසලාන ප්‍රදානෝත්සවය 2019.07.07 වන දින ප.ව.4.00 ට පැවැත්වේ.

පිහිණුම් තරග සම්බන්ධීකරණය – කේ.එම්.යූ.බී.කරුණාරත්න මහතා – දුරකතන අංකය 071- 4257457

Leave a comment

Your email address will not be published. Required fields are marked *