27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ 50ක් නිරෝධායනයට

කොරෝනා  ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා  වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු  නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන  මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.

යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන  ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායනය  සඳහා යොමුකළ බව දිය තලාව යුධ හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවේ ය . 

 පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන්  9ක්  පිරිමි ළමුන්  7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබේ. 

දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ  විදේශ රටවල සිට පැමිණි  ශ්‍රී ලාංකිකයින් ය .  

Leave a comment

Your email address will not be published. Required fields are marked *