27 April 2024
#දේශීය

කෑගල්ලට නැතත් අරණායකට ඇඳිරි නීතිය

කොරෝනා වංසංගතයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය කෑගල්ල දිස්ත්‍රික්කයටද තාවකාලිකව ඉවත් කළත් අරණායක ප්‍රදේශයේ ඇඳිරි නීති තත්වය ඉවත් කර නැත.

ඒ පිළිබඳව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේදී ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ජනතාව දැනුවත් කරීමටද පොලිසිය කටයුතු කර තිබිණි.

අරණායක, දෙබත්ගම, ගංතුන ප්‍රදේශයේ තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් ඊයේ පස්වරුවේ කෑගල්ල මූලික රෝහලේදී මිය ගොස් ඇති අතර ඔහුට කොරෝනා යැයි සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.

ඒ අනුව මේ වනවිට ඔහුගේ වෛද්‍ය වාර්තා තවමත් පරික්ෂණ මට්ටමේ පවතින අතර අද (06) පස්වරු 02.00 පමණ වනවිට එම වාර්තා ලැබීමට නියමිත ය.

එම වාර්තා ලැබෙන තුරු රෝගය නිෂ්චය කළ නොහැකි බැවින් මෙලෙස ඇඳිරි නීතිය ඉවත් නොකර අරනායක පොලිස් බලප්‍රදේශය සම්පූර්ණයෙන් වසා දමා ඇත.

එමෙන්ම එම දේහයද සීල් තබා ආරක්ෂිත කර තිබේ.

ආරක්ෂිත ඇඳුම් සහ උපකරන නොහැතිවීම තුළු මෙම රෝගියා මිය යාමත් සමග වෛද්‍ය වරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලත් රෝගීනුත් දැඩි අනාරක්ෂිත බවකට මුහුණ දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *