• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

50 වැනි රිට්ස්බරි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය නිමාවට පත්වේ

17 January 2020
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා පැවැති 50 වැනි රිට්ස්බරි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී වාර්තා පොත් අලූත් කරමින් නව වාර්තා 14ක් පිහිටුවා තිබේ.

මෙහිදී ‘විශිෂ්ටතම කණිෂ්ඨ පාසල් ශූරතාව – පිරිමි’ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර එහි කාන්තා ශූරතාවය දිනාගනු ලැබූවේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලය විසිනි.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී මෙවර රිට්ස්බරි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය පැවැති අතර, පිරිමි සහ කාන්තා වශයෙන් වයස් කාණ්ඩ හතරක් යටතේ (වයස අවුරුදු 12න් පහළ, අවුරුදු 13න් පහළ, අවුරුදු 14න් පහළ සහ වයස අවුරුදු 15න් පහළ) එය පවත්වනු ලැබිණි. එහිදී නව වාර්තා 14ක් පිහිටුවීම ඉතාමත් සුවිශේෂී සිදුවීමකි. මෙවර ක‍්‍රීඩා තරගාවලිය සඳහා පාසල් 800ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ අතර එය එතෙක් මෙතෙක් ඊට සහභාගී වූ වැඩිම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව විය.

කදාන ඩි මැසනද් විද්‍යාලයේ එම්. කුෂාන් විශිෂ්ටතම ක‍්‍රීඩකයා වශයෙන් තේරී පත් වූ අතර, ඔහු වයස අවුරුදු 15න් පහළ බාලක තර`ග අංශයෙන් දුර පැනීමේ තරග ඉසව්ව මීටර 6.49 වශයෙන් නිමාවට පත් කළේය.

මහනුවර කලම්බො ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් සෙනේකා ගුණරත්න වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර 200 තරගය තත්පර 25.7කින් නිමාවට පත්කළාය.

මෙවර තරගාවලියේ බාලිකා අංශයෙන් විශිෂ්ටතම ක‍්‍රීඩිකාව බවට පත්වූ ඇය වයස අවුරුදු 15න් පහළ මීටර් 400 බාලිකා තරගය තත්ත්පර 59.5 කින් නිමාවට පත්කරමින් නව වාර්තාවක්ද පිහිටවූවාය.

කොළඹ විශාඛා විද්‍යාලය තරගාවලියේ බාලිකා අංශයෙන් අනුශූරතාවය දිනාගත් අතර මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය තෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදී. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙවර බාලක අංශයෙන් අනුශූරතාවය හිමිකරගන්නා ලද අතර, කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලය තුන්වැනි ස්ථානයට හිමිකම් කීය.

ශ‍්‍රී ලංකාවේ අංක 01 චොකලට් සන්නාමය රිට්ස්බරි, ශ‍්‍රීමත් ජෝන් ටාබට් මලල ක‍්‍රීඩා තරගාවලියට අනුග‍්‍රාහකත්වය දක්වන්නේ අඛණ්ඩව 9 වැනි වරටය. මෙරට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට තව තවත් ජයග‍්‍රහණයන් රැගෙන එන්නට ක‍්‍රීඩා තරු බිහිකරවීම සදහා රිට්ස්බරි ලබාදෙන අර්ථවත් දායකත්වය ඉතාමත් ඉහළ ඇගයීමකට ලක්ව තිබේ.

ශ‍්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දෙමින් මලල ක‍්‍රීඩාවේ අභිවෘද්ධියට උරදෙනවාට අමතරව, කණිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවය, කණිෂ්ඨ ටෙනිස් ශූරතාවය, සුපිරි 16 කණිෂ්ඨ රග්බි තරගාවලිය සහ විදුදය අන්තර් පාසල් පිහිනුම් ශූරතාවලිය යන තරග ඉසව්වන් ස`දහාද සිය සහයෝගය ලබාදීමට රිට්ස්බරි ඉදිරිපත්ව සිටී.
ශූරතාවලියේ ප‍්‍රතිඵල

වයස 12න් පහළ බාලක – ශූරතාවථ විද්‍යා විද්‍යාලය, ගල්කිස්ස
දෙවැනි ස්ථානයථ විජිත මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස
තෙවැනි ස්ථානයථ ශාන්ත පීතර විද්‍යාලය, උඩුගම්පොල

වයස 12න් පහළ බාලිකා – ශූරතාවථ විජයපුර කණිෂ්ඨ විද්‍යාලය, තණමල්විල
දෙවැනි ස්ථානයථ ලයිසියම් ජාත්‍යන්තර පාසල, නුගේගොඩ
තෙවැනි ස්ථානයථ ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, මොරටුව/ උසස් බාලිකා විද්‍යාලය, මහනුවර

වයස 13න් පහළ බාලක – ශූරතාවථ ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
දෙවැනි ස්ථානයථ ලීඞ්ස් ජාත්‍යන්තර පාසල, පානදුර
තෙවැනි ස්ථානයථ රාජකීය විද්‍යාලය, හොරණ

වයස 13න් පහළ බාලිකා – ශූරතාවථ මියුුසියස් විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, උඩ බුලත්ගම/ විජය කටුපොත මහා විද්‍යාලය

වයස 14න් පහළ බාලක – ශූරතාවථ ඞී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ රාහුල විද්‍යාලය, මාතර
තෙවැනි ස්ථානයථ ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ

වයස 14න් පහළ බාලිකා – ශූරතාවථ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය, කොළඹ
දෙවැනි ස්ථානයථ විශාක විද්‍යාලය, බදුල්ල/ මාතර මධ්‍ය මහා විද්‍යාලය

වයස 15න් පහළ බාලක – ශූරතාවථ ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ ත‍්‍රිත්ව විද්‍යාලය, මහනුවර
තෙවැනි ස්ථානයථ සර් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල

වයස 15න් පහළ බාලිකා – ශූරතාවථ විශාඛා විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය, කොළඹ
තෙවැනි ස්ථානයථ රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ

රිලේ ශූරතාව – බාලක – ශූරතාවථ රාජකීය විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ
තෙවැනි ස්ථානයථ සර් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල

රිලේ ශූරතාව – බාලිකා – ශූරතාවථ මියුසියස් විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, මොරටුව
තෙවැනි ස්ථානයථ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, උඩ බුලත්ගම/ කාමෙල් බාලිකා විද්‍යාලය, හලාවත

විශිෂ්ටතම දිගු පිම්ම ක‍්‍රීඩිකාව – ඞී.හේවාවසම් – ලයිසියම් ජාත්‍යන්තර පාසල, යක්කල (වයස 15න් පහළ බාලිකාථ දිගු පිම්ම මීටර 5.27)

  
විශිෂ්ටතම මීටර් 400 ධාවන ක‍්‍රීඩිකාව – සෙනේකා ගුණරත්න – කලම්බො ජාත්‍යන්තර පාසල, මහනුවර (වයස 15න් පහළ බාලිකාථ මීටර 400 තත්ත්පර 59. 5)

විශිෂ්ටතම මලල ක‍්‍රීඩක – බාලක – මලිත් කෞෂාන් – ඩි මැසනද් විද්‍යාලය, ක`දාන (වයස 15න් පහළ බාලකථ දිගු පිම්ම මීටර 6.49)

විශිෂ්ටතම මලල ක‍්‍රීඩක – බාලිකා – සෙනේකා ගුණරත්න – කලම්බො ජාත්‍යන්තර පාසල, මහනුවර (වයස 15න් පහළ බාලිකාථ මීටර 200 තත්ත්පර 25ග7*

කණිෂ්ඨ ශූරතාව – බාලක – ශූරතාවථ ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
තෙවැනි ස්ථානයථ ඞී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ

කණිෂ්ඨ ශූරතාව – බාලිකා – ශූරතාවථ මියුසියස් විද්‍යාලය, කොළඹ
දෙවැනි ස්ථානයථ විශාඛා විද්‍යාලය, කොළඹ
තෙවැනි ස්ථානයථ ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, මොරටුව

 

 දිලිනි සමන්මලි 

Post Views: 0
Previous Post

ජනතා බදු බර අඩු කරනවා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Next Post

ලංකා ඛනිජ වැලි සමාගම රටේ විදේශ විනිමය උපයන ප‍්‍රධානතම ආයතනය බවට පත් කලයුතුයි  

editor

editor

Next Post

ලංකා ඛනිජ වැලි සමාගම රටේ විදේශ විනිමය උපයන ප‍්‍රධානතම ආයතනය බවට පත් කලයුතුයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved