27 April 2024
#සංවර්ධන

ජනතා බදු බර අඩු කරනවා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ජනතා බදු මුදලින් භාණ්ඩාගාරය පිරවීම වෙනුවට බදු අඩු කර ජනතාව අතර වේගවත්ව මුදල් සංසරණයට මං සකස් කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායකන්ට සහන ලබා දීම මගින් ද රජය අපේක්ෂා කරන්නේ එම ව්‍යසායකයන්ට තව තවත් නිෂ්පාදන කාර්යයට දායක වීමේ හැකියාව වර්ධනය කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16) අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවමින් රජය බලයට පත්ව දින කිහිපයක් ගතවන්නටත් පෙර ජනතාවට බදු සහන ලබා දීම ආරම්භ කළේ ය. එහි තවත් පියවරක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය ගෙවා නොමැති අවස්ථාවල ගන්නා නීතිමය පියවර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ ය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දෙනු ලබන නවතම සහන පැකේජය පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව යෝජිත ණය සහන පැකේජය මඟින් වසා දමා ඇති ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටත්, දැඩි මූල්‍ය දුෂ්කරතාවයන් සහිතව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීමටත් යෝජනා කර ඇත.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *