27 April 2024
#සංවර්ධන

ලංකා ඛනිජ වැලි සමාගම රටේ විදේශ විනිමය උපයන ප‍්‍රධානතම ආයතනය බවට පත් කලයුතුයි  

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පුල්මුඬේ පිහිටි ලංකා ඛනිජ වැලි සමාගමේ (Lanka Mineral Sand Limited) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි.

ඉහත පරිවර්තනය සඳහා අවශ්‍ය මුලික පියවර රැසක් මේ වනවිටත් රැගෙන තිබෙන බවත් කඩිනමින් එය සාක්ෂාත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සේවක පිරිස් මේ වනවිට මුහුණ දී ඇති ගැටලූ සහ ආයතනය හමුවේ වන අභියෝග පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව ඉතා වැදගත් වූ බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *