27 April 2024
#දේශීය

ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණි අයයි – ඇමැතිනි පවිත්‍රා කියයි

ශ්‍රී ලාංකීකයින් 522 ක් විදේශ රටවල දී රොගීන් වී ලංකාවට පැමිණි ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (31) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.එහිදී ඇය කියා සිටියේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාගෙන් 330 ක්ම රෝගීන් ලෙසයි ලංකාවට පැමිණ තිබෙන අතර කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 ක් රෝගීන් විදිහට පැමිණි බවට මේ වන විට වාර්තා වී තිබෙන බවයි.

කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාම මේ වනවිට පළමු වටයේ PCR පරික්ෂණ වලට ලක් කර තිබෙන අතරම ඔවුන් නැවත දින 10 කට පසු PCR පරික්ෂණ වලට ලක් කරන බව ඇය කියා සිටියාය.

ඒ අයගේ ශරීරය තුල රෝගය වර්ධනය වී නොමැති නම් ඒ පිරිසෙන් යම් පිරිසක් පසුව රෝගීන් විදිහට වාර්තා වීමට ඉඩ තිබෙන අතරම ඒ වගේම කටාර් රාජ්‍යයේ සිටි පැමිණි 270 දෙනාගෙම PCR පරික්ෂණ සිදු කොට ඇති අතර 150 ක් මේ වන විට වාර්තා වුවත් අද දිනය ඇතුලත සියළු දෙනාගේම PCR පරික්ෂණ වාර්තා ලැබීමට නියමිතයි අමාත්‍යවරිය අනාවරණ කලාය.

 

මෙහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය “ මේ වන වට අප රටේ රෝගීන් 801 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කුමන ආකාරයකින් හෝ ප්‍රජාව තුලට මෙම රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා අතර ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් අඩුම කාල සීමාවක් තුල ලබාදුන් කාලය ලෙස පසුගිය කාලපරිච්ඡේදය හැදින්විය හැකිය.

“COVID-19 නිසා පීඩාවට පත් වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා 794,421 කටත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පවුල් 5,071,892 (පනස් ලක්ෂ හැත්තෑඑක්දහස් අටසිය අනූදෙකකටත්) වශයෙන් මේ සියල්ලේම එකතුව අප්‍රේල් මස රජය විසින් ලබාදුන් මුදල රුපියල් මිලියන 29,000 පමණ වෙනවා. මේ වනවිටත් මේ මුදල් බෙදා දෙමින් පවතිනවා.”

“ඇගලුම් කර්මාන්තවල සේවකයින්ට වැටුප් ලැබුනා ද නැද්ද යන්න නොසලකා ඇගලුම් ක්ෂේත්‍රෙයේ නියලී සියලු දෙනාටම රුපියල් 5000 දීමනාව ලබාදුන්නා. මෙතෙක් ඉතිහාසයේ එක පවුලකට එක ආධාරයක් පමණයි ලබාදුන්නේ. නමුත් රුපියල් 5000 සහනාධාරය ලබාදීමේ දී එක පවුලක අනු පවුල් ගණනාවක් සීටි නම් ඒ අයටත් රුපියල් 5000 ලබාදීමට රජය කටයුතු කළා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *