27 April 2024
#දේශීය

ඇමති තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදයි..

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරුවේ හැටන් නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

ඒ මහතා පසුගිය 26 වනදා ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා වන අතරම ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයාද වේ.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව නෝර්වුඩ් ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව ඇත්තේ නිරෝධායන නීති රිතිවලට අනුකූලව සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *