රට ගොඩනැගීමට නම් ආචාර්ය පට්ටම්, මහාචාර්ය පට්ටම් අවශ්‍ය බව කීවේ අරගලය ය. පහුගිය ගෝල්ෆේස් අරගල සමයේ අරගලකරුවන් කෑ ගා කීයේ නූගත් හොර තක්කඩියන්, බාර් කාරයින්, මිරිස්කුඩු ප්‍රහාරකයින් දැන් ඇති බවය. එනයින් ගත් කළ එයින් කියූ දේ සත්‍ය බව අපට වැටහෙන්නේය. නමුත් සටහන්කරු තව දෙයක් කිව යුතුමය. එනම් රට ගොනැගීමට උගත්විම පමණක් ප්‍රමාණවත් නැති බවය. සත්‍යවාදී වීම අවශ්‍යය. 76 වසරක් රැවටි රැවටි ඉබාගාතේ දිව් ජනතාව ආයෙත් රැවටෙන්නට නම් කැමැත්තක් ඇත්තේම නැතිය.
අනෙක් අතින් ගත් කළ උගතුන්ට ම පමණක් රට කරන්නට දීම ද අනුවණ කමක් බව අප දත යුතුය. උගත් හොරුද සමාජයේ ඕනවටත් වඩා ඇති බව උදේ හවා පුවත් මවනා රූප පෙට්ටි අපට පසක් කරදී හමාරය. සටහන්කරුට අනුව නම් උගත්කමට වඩා බුද්ධිමත්කමත්, වංකබවට වඩා නිර්ව්‍යාජත්වයත් සොයා බලන්නේ නම් එය ඉතා අගනා කර්තව්යක්ය. කතානායක රංවලයන් වගේම ඉංජිනේරු කුමාර ජයකොඩියන් අද පත්ව ඇත්තේ ඉතා අසරණභාවයකට ය. මන්ද සුපිරිසිදු නිර්මල පක්ෂ දේශපාලනයක් වෙනුවෙන් පොරබැදූ මාලිමාවේ නිකැළැල්බවට ඔහුන් කැළලක් එක් කොට හමාරය. මැතිවරණයට ඉදිරිපත් වෙද්දීම පක්ෂයට අදාළ ලියුම් කරදහි බාර දී තිබුණේ නම් දැන් මේ අමාරුවේ නොවැටෙන්නේ ය.
දැන් ඉතිං පවුලේ අය කඩේ යැවීම නිෂ්පල කර්තව්‍යක් ය. ඔප්පු කරීමට නම් ලියකියවිලි වුවමනාය. ඒ වෙනුවෙන් වෙහෙසීම සියල්ල පසෙකලා රංවලයන් සේම කුමාරයන් කළ යුත්තේය. නැතහොත් ඔබ දෙදෙනා ප්‍රමාද වන තත්පරයක් පාසා සමස්ත ආණ්ඩුවත්, අනුර දිසානායකයනුත් ජනතාවගෙන් දුරස් වීම කිසිවෙකුටත් වළක්වාලිය නොහැක.
අවසන් වශයෙන් අපට කිව හැක්කේ මෙපමණක් ය, රට කරන්නට උපාධි අනවශ්‍ය වුවත් සත්‍යවාදී වීම අවශ්‍ය බවය. කියන දේ කරන කරන දේ කියන ගුණයෙන් යුත් ආණ්ඩුවක් ලෙස ජනපති අනුරගේ අවධානය මේ දෙසට යොමු වීම අත්‍යවශ්‍යය. ආ ඕක සුළු දෙයක්නේ කියා ජන වරමට පිටුපෑමට කිසිවෙකුටත් නොහැක්කේ ය. සටහන්කරුට අනුව නම් අවශ්‍ය තහවුරු කිරීම් නොමැති නම් ඒවා ලැබෙන තෙක් තනතුරු අත්හැරීම වගකිව යුත්තන්ගේ පළමු රාජකාරිය විය යුත්තේය. නැවතත් කියනුයේ රට හදන්නට, දියවන්නාවට ආචාර්ය පට්ටම්, මහාචාර්ය පට්ටම් වුවමනා නැති සේම සත්‍යවාදී වීම අත්‍යවශ්‍ය බවය. ඔබට සහ රටට ජය…!