27 April 2024
#දේශීය

කෝවිඩි ආසාධිතයන් 630යි – හෙට සිට දිවයිනටම ඇඳිරි නීතිය

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවන ඇඳිරි නීතිය සංශෝධනය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව අවධානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හතර හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 30 බ්‍රස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

කෝවිඩි ආසාධිතයින් ගණන ඉහලට

අද (29) දිනයේදී හදුනා ගත් නව ආසාදිතයින් 11 දෙනා ඇතුළුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී මේ වන විට පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 136 කි. තවත් පුද්ගලයන් 487 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

උණ රෝහලේ ධාරිතාව ඉක්මවයි

මේවන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ ‍කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 139 ක් ද , කොවිඩ් නයින්ටීන් රෝගය පැතිරයාමත් සමග අලුතින් පිහිටවු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්තාන තුළ 63 ක් ද , මුල්ලේරියාව නැගෙනහිර කොළඔ මුලික රෝහලේ පිහිටුවු මධ්‍යස්තානයේ 69 ක්ද , ඉරණවිල පිහිටුවු කොවිඩ් නයින්ටීන් ප්‍රතිකාර මධ්‍යස්තානය තුළ 22 ක් ද ,  කාත්තන්කුඩිය මුලික රෝහලේ පිහිටුවු ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තවත් 55 ක් හා නාවික රෝහල තුළ 127 දෙනකුද මෙවන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේවෙතත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කලේ එම රෝහල තුළ මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *