27 April 2024
#දේශීය

ආරක්ෂක අංශ සාමාජිකයන්ට වෙනස්කම් එපා – ආරක්ෂක ලේකම් ඉල්ලයි

ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්හට වෙනස්කම් නොකරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

මතුව ඇති  සම්බන්ධයෙන් ප්‍රකාශක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසා සිටින අතර වසංගතය පැතිර යාමත් සමඟ එය වැලැක්වීම සඳහා සෞඛ්‍ය අංශ සමඟ එකතුව වැඩකටයුතු කළේ ත්‍රිවිධ හමුදාව බවත් ඔහු අදාළ පාර්ශ්ව වෙත දන්වයි.

වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු තරුණයන් පිරිසක් නිරෝධා යන කටයුතු සඳහා යොමු කිරිමට කටයුතු කළ අවස්ථාවේ දී නාවික හමුදාවේ රණ විරුවන්ට මෙම වෛරසය ආසාදනය වි ඇති බව ද ඒ මහතා පැහැදිලි කර සිටියි.

සිය රාජකාරි කටයුතු අවසන් කර වෛරසය වැළදී ඇති බව  නොදැන ඔවුන් නිවාඩු සඳහා නිවෙස් වලට යාමට කටයුතු කළ බැවින් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට සහ ප්‍රතිකාර කිරිමට කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.

ඔවුන්ට මෙම වෛරසය වැලදුනේ සමාජයට  සේවය කිරීමට යාම නිසා බැවින් කිසි විටෙකත් ඔවුන් කළ සේවය අවතක්සේරු නොකරන බවට ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *