27 April 2024
#විලාසිතා

කථානාද සිනමාවට වසර 73 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරේ

දේශීය කථානාද සිනමාව ආරම්භ කර වසර 73 ක් සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 48 ක් සපිරීමේ නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කල උත්සවය ඊයේ (21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැතිවිණි.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කල දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධව කටයුතු කල කලාකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් 10 දෙනෙකුට විශ්‍රාම වැටුප් පිරිනැමීම ද සිදුකරන ලදී.

එම කලාකරුවන් වන්නේ, මොලී පෙරේරා මහතා, ආර්. ජයසිරි වීරතුංග මහතා, තුවාන් නිහාර් මහතා, වීරසිංහ ධර්මපාල මහතා, පී. හැරිස් නන්දසිරි මහතා, එම්.එම්.ඒ සිරිපාල මහතා, ඩී.බී. ගංගොඩතැන්න මහතා, මානෙල් චන්ද්‍රලතා මහත්මිය, කේ.ඒ පියකරු (පියදාස) මහතා, විමලදාස පෙරේරා මහතාටය.

මෙම අවස්ථාවට රවින්ද්‍ර රන්දෙණිය, කමල් අද්දරආරච්චි, ශ්‍රියානි අමරසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වූ අතර, උත්සවය අවසානයේදී “සැඩ සුළං” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ද සිදුවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *