27 April 2024
#දේශීය

ආචාර්ය ජයම්පති පාර්ලිමේන්තු පුටුව අත්හරි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා දැනුම් දුන්නේය.

ජනාධිපති නීතිඥවරයෙකු ද වන ජයම්පති වික්‍රමරත්න මහතා 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *