27 April 2024
#දේශීය

9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

අද පෙරවරු 9.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුව අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කරන්නේ අද උදෑසන සිට පැවැත්වීමට නියමිත මෙම දෙදින වැඩමුළුව සඳහා, මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වි සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවයි.

මෙම පුහුණුවේදී  පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව අතර විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවාර නියෝග පිළිබඳව මෙහිදි මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *