27 April 2024
#දේශීය

කොරෝනා ආසාධිතයන් 91 දක්වා ඉහළට – මෙරට පලමු රෝගියා සුවය ලබයි

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ(22) රාත්‍රීයේ දි කොරෝනා ආසාදිත තහවුරු කළ රෝගීන් 4 දෙනෙකු වාර්තා වු අතර අද(23) දිනයේ දී රෝගීන් 5 දෙනෙකු තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 91 ක් වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව අංගොඩ මුළික රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි  

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *