ශ්‍රී ලංකා දුම්රිය සේවාව නවීකරණය කිරීමේ පියවරක් ලෙස හඳුන්වා දෙන “SMART දුම්රිය සේවාව” (SMART Railway Service) යටතේ නව ඩිජිටල් ටිකට්පත් ක්‍රමවේදයක නියමු ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මස මුලදී ආරම්භ කිරීමට නියමිතය. දැනට පවතින අතින් සිදුකරන ටිකට්පත් නිකුත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවට වඩාත් කාර්යක්ෂම ඩිජිටල් පද්ධතියක් මෙහිදී හඳුන්වා දෙනු ලැබේ.
CSRP ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම නියමු වැඩසටහන මුලින්ම කැලණි වැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පෑදුක්ක යන දුම්රිය ස්ථානවලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (27) නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙහි මූලික කටයුතු පිළිබඳව සොයා බැලීය. මෙමගින් මගී තදබදය අවම කිරීම සහ මගීන්ට වඩාත් පහසු සේවාවක් සැලසීම අපේක්ෂා කෙරේ.














