පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පස්වරු 5.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව සඳහන් කර ඇත.
රතු මට්ටමේ අනතුරු ඇඟවීම් යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, නෙළුව සහ නියාගම, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහළ කෝරලේ සහ දොළුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර ප්‍රදේශ නම් කර තිබේ.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ මීරිගම ඇතුළු තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දී තිබේ. කෑගල්ල, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලද අවදානම් ප්‍රදේශ කිහිපයක් නම් කර ඇත.
නායයෑම් ලක්ෂණ පවතින ප්‍රදේශවල ජනතාව වඩාත් අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය අවස්ථාවල ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් දැනුම්දීම වැදගත් වේ.
















