ඉරානයේ පවතින තෙල් සම්පත ලබා ගැනීමට ඇමරිකාවට හැකියාව පවතින බවත්, එරට ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් (Kharg) දූපත අත්පත් කර ගැනීමට තමා සූදානම් බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර ඇත.
“ඇත්තම කියනවා නම්, මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම. නමුත් ඇමරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔබ ඒක කරන්නේ කියලා. ඔවුන් ඇත්තටම මෝඩ මිනිස්සු,” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඉරානයේ ආර්ථිකයේ මර්මස්ථානයක් බඳු වූ මෙම දූපත අත්පත් කර ගැනීම පිළිබඳව ඔහු කළ ප්‍රකාශයත් සමඟ කලාපීය යුදමය උණුසුම සහ ලෝක තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හමුවේ ඉරානය සහ ඇමරිකාව අතර පවතින ගැටුම තවදුරටත් තීරණාත්මක මාවතකට අවතීර්ණ වී ඇති අතර, ඉරාන බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ ඕනෑම ආක්‍රමණික බලවේගයකට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවයි.












