අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සංවිධායකයින්ට සහ කමිටු සාමාජිකයින්ට එල්ල වී ඇති පාතාල කල්ලිවල තර්ජන හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ මත ගැටුම් සහ බලපෑම් මත මෙලෙස ඉතිහාසගත සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් නැවැත්වීමට සිදුවීම ප්‍රදේශවාසීන් අතර දැඩි කනස්සල්ලට හේතු වී ඇත. ඓතිහාසික වශයෙන් මෝදර දේවාල පෙරහැර යනු දකුණු පළාතේ ධීවර ජනතාව ඇතුළු සමස්ත ප්‍රදේශවාසීන්ගේ දැඩි භක්තියට හා ගෞරවයට පාත්‍ර වූ වාර්ෂික මංගල්‍යයකි. කෙසේ වෙතත්, සංවිධායකයින්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති බරපතල තත්ත්වය නිසා මෙවර පෙරහැර කටයුතු ඉදිරියට ගෙන යා නොහැකි වී තිබේ.














