රුසියානු-යුක්‍රේන යුද්ධය හේතුවෙන් පවුලෙන් වෙන්වී සිටි තවත් දරුවෙකු නැවත ඇගේ පවුලේ සාමාජිකයන් වෙත භාරදීමට ඇමෙරිකාවේ ප්‍රථම කාන්තාව වන මෙලානියා ට්‍රම්ප් මහත්මියගේ විශේෂ කණ්ඩායම සමත්ව තිබේ.
ඇමෙරිකානු ප්‍රථම කාන්තාව විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලිපියක් යොමුකිරීමෙන් අනතුරුව ආරම්භ කළ මෙම පවුල් නැවත එක්කිරීමේ මානුෂීය මෙහෙයුම හරහා මේ වන විට දරුවන් සහ පවුල්වල සාමාජිකයන් 34 දෙනෙකු නැවත එක්කිරීමට ඇගේ කණ්ඩායමට හැකිවී තිබේ. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රථම කාන්තාව සඳහන් කර ඇත්තේ “මවක් ඇගේ දරුවා සමඟ නැවත එක්කිරීමට වඩා බලවත් තවත් කිසිවක් නොමැති” බවයි.














