උත්තර ප්‍රදේශ් මහඇමති යෝගී ආදිත්‍යනාත්, නොයිඩා (Noida) ප්‍රදේශයේ සංචාරය කරන ඕනෑම මහඇමතිවරයෙකුට සිය ධුරය අහිමි වන බවට පවතින “අන්ධ විශ්වාසය” ප්‍රතික්ෂේප කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. ලක්නව්හි ලොක් භවන්හි පැවති උත්සවයකදී ඔහු සඳහන් කළේ තමන් විශ්වාස කරන්නේ තමාගේ ඇදහිල්ල මිස මෙවැනි මිථ්‍යා මත නොවන බවයි. නොයිඩා හි ජේවර් ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු මෙම අදහස් දැක්වූ ඔහු, පෙර පැවති අඛිලෙෂ් යාදව් රජය මෙවැනි මිථ්‍යාවන් නිසා බොහෝ ව්‍යාපෘති අතරමග නතර කර ඇති බවට ද චෝදනා කළේය.
තමන් මහඇමති ධුරයට පත්වූ මුල් කාලයේදීම නොයිඩා ප්‍රදේශයට නොයන ලෙස බොහෝ දෙනා උපදෙස් දුන් බවත්, අතීතයේ එහි ගිය මහඇමතිවරුන්ට සිය තනතුරු අහිමි වූ බව පෙන්වා දුන් බවත් ඔහු සිහිපත් කළේය. කෙසේ වෙතත්, එම මතයන් බිඳ දමමින් තමන් නොයිඩාවට ගිය බවත්, රාජ්‍ය සේවයේ සංවර්ධනය වෙනුවෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම උත්සවයේදී නව හෙද නිලධාරීන් 665 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද මහඇමතිවරයා අතින් සිදු විය.














