දූෂණ විරෝධී පනත යටතේ හඳුන්වා දී ඇති නව රෙගුලාසිවලට අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නව මාර්ගගත (Online) ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මක වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා අද (30) ප්‍රකාශ කළේ, මින් ඉදිරියට සියලුම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බවයි.
රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, මෙමඟින් දූෂණ වැළැක්වීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. මීට පෙර පැවති ලිඛිතව ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රමය වෙනුවට මෙම නව පද්ධතිය භාවිත කිරීම මඟින් දත්ත කළමනාකරණය සහ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට අවස්ථාව හිමි වේ.














