වැඩිහිටි සියලු දෙනාට ආරක්ෂාව, නිදහස, සතුට, සෞඛ්‍ය, ප්‍රවාහනය මෙන්ම ආධ්‍යාත්මික යහපැවැත්ම තහවුරු වන ජීවිතයක් සහ වැඩිහිටි අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම වැඩිහිටි අයිතීන් සුරැකීම මුළු මහත් සමාජයේම වගකීමක් බවයි ඇය වැඩිදුරටත් අවධාරණය කළේ. කතරගම පිහිටි ‘Silver Age Center’ වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට Zoom තාක්ෂණය ඔස්සේ ඊයේ (මාර්තු 31) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සිට සම්බන්ධ වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ නියෝජිතයින් විසින්, වැඩිහිටි තැනැත්තන් සඳහා ආයතනගත රැකවරණය සපයනු ලබන මධ්‍යස්ථාන නියාමනයට අදාළ නියෝග සහ මාර්ගෝපදේශ සහිත කෙටුම්පත අග්‍රාමාත්‍යවරිය වෙත නිල වශයෙන් භාරදීම ද සිදු කර තිබෙනවා.














