හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට ලබාදුන් නියෝගයකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ අනුව ඉදිරි දිනයකදී විමල් වීරවංශ මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි.















