ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ නංවා තිබෙනවා. එහි ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවත්වාගෙන ඇති බවද සඳහන්.
බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබිඹු වන බව Fitch ආයතනය පවසනවා.
කෙසේ වෙතත්, රටේ ණය සහ ණය සේවා අනුපාතික තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමත්, විදේශ විනිමය සංචිත මධ්‍යස්ථ මට්ටමක පැවතීමත් ශ්‍රී ලංකාවේ ණය පැතිකඩට තවදුරටත් බාධාවක් බව එම ආයතනය පෙන්වා දෙනවා.














