ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි ඉන්දීය තරග සංචාරයට අදාළ නිල තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංචාරය සඳහා එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3ක් ඇතුළත් වන අතර තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 13 වනදා දිල්ලිහිදීත්, දෙවන තරගය දෙසැම්බර් 16 වනදා බැංගලෝරුහිදීත් සහ තෙවන තරගය දෙසැම්බර් 19 වනදා අහ්මදාබාද්හිදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අනතුරුව ආරම්භ වන විස්සයි20 තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 22 වනදා රාජ්කොට්හිදීද, දෙවන තරගය දෙසැම්බර් 24 වනදා කටක්හිදීද සහ තෙවන මෙන්ම අවසන් විස්සයි20 තරගය දෙසැම්බර් 27 වනදා පූනේහිදීද පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.














